නීති වීරෝධී ජල සම්බන්ධතා මෙන්ම බෙදා හැරීමේදී ජලය කාන්දුවීම නිසා ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයට රුපියල් කෝටි ගණනකින් වන පාඩුවද පාරිභෝගිකයන් මත පටවා ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි. 2005 වසරේ සිට මෙය සිදුව ඇතැයි පවසන විගණකාධිපතිවරයා 2009 වසරේදී පමණක් නිෂ්පාදිත මුළු ජල ප්‍රමාණයෙන් ජල ඝන මීටර දහතුන් කෝටි අනූතුන් ලක්‍ෂයක ආදායම මණ්‌ඩලයට අහිමිවී ඇතැයිද එහි වටිනාකම රුපියල් දෙසිය අසූපන් කෝටි හතළිස් තුන්ලක්‍ෂයක් බවද විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.
වසරින් වසර සිදුවන මෙම පාඩුව අවම කර ගැනීමට ජල සම්පාදන මණ්‌ඩලයට නොහැකිවී ඇතැයිද ඒ අනුව එම පාඩුව පියවා ගැනීම සඳහා පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ජල පරිභෝජනය ඒකකයකට රුපියල් 11.42 බැගින්වූ අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇතැයිද විගණකාධිපති වාර්තාවේ සඳහන්වේ. 2005 වසරේ සිට ජල පාරිභෝගිකයා මෙසේ මණ්‌ඩලයේ වැරදි නිසා ජල ඒකකයකට පිළිවෙළින් රුපියල් 8.19, රුපියල් 9.27, රුපියල් 10.37, රුපියල් 11.37 බැගින් වසරින් වසර අතිරේක මුදලක් ගෙවා ඇතැයිද විගණකාධිපතිවරයා පවසයි.
කොළඹ නගරයේ ජල කාන්දුවීම්වලට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ බෙදාහැරීම් පද්ධතියේ සියයට අනූ හතක්‌ම පැරැණි යකඩ ජලනලවලින් යුක්‌ත වීම බවද පවසන විගණකාධිපතිවරයා දිගුකලක් ජලය පිරිසිදු කිරීමට යොදාගත් රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියාවන් නිසා ජලනල හිරවීමද මීට හේතුව වී ඇතැයි පවසයි.
පීඩනය උරා ගන්නා ආවරණ එම ජලනලවලට එලා නොතිබෙන බවද පැරැණි ජලනලවලට ඉහළ ජල පීඩනයක් ඔරොත්තු නොදෙන නිසා එම ජලනල පිපිරී ඇතැයිද පවසන විගණකාධිපතිවරයා පැරැණි බෙදාහැරීම් ක්‍රමය අතහැර ජලය බෙදාහැරීම සඳහා නව ක්‍රමයක් ස්‌ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙසටද ජල සම්පාදන මණ්‌ඩලයට උපදෙස් දී ඇත.
එමෙන්ම මීටර් ගත ජල සම්බන්ධතාවට බාහිරව විවිධ කාර්යයන් සඳහා නීති විරෝධීව ජලය ලබාගෙන ඇතැයිද පවසන විගණකාධිපතිවරයා මෙය වළක්‌වා ගැනීමට මණ්‌ඩලය විසින් ඵලදායි ක්‍රියාමාර්ගයක් හඳුන්වාදී නැතැයිද පවසයි. මෙසේ නීතිවිරෝධීව ජලය ලබා ගැනීම නිසා 2009 වසරේදී මණ්‌ඩලයට රුපියල් එක්‌කෝටි අනූ ලක්‍ෂයක පාඩුවක් වී ඇතැයිද විගණකාධිපති වාර්තාවේ දැක්‌වේ.
දිවයිනේ ප්‍රදේශ රැසක රන් නිධි පවතින බවට භූවිද්‍යාත්මක පර්යේෂණවලින් තොරතුරු අනාවරණ වී ඇතැයි භූ විද්‍යා පතල් කාර්යාංශය පවසයි. දිවයින පුරා සිදුකරන ලද භූ විද්‍යාත්මක සමීක්ෂණවලදී මේ තොරතුරු අනාවරණ වූ බව භූ විද්‍යා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.කේ.විජයානන්ද මහතා පැවසීය.
ඔහු පැවසුවේ බලංගොඩ, කිරිඉබ්බන්ආර ප්‍රදේශවලමෙන්ම වලවේ හා මැණික් ගඟ ආශ්‍රිතව රන් නිධි පවතින බවට තොරතුරු අනාවරණ වීඇති බවයි.
ලෝකයේ බොහෝ රටවල භෞතික හා රසායන ක්‍රම මගින් රන් වෙන්කිරීමේ කටයුතු සිදු කෙරෙන නමුත් කිසිම අයුරකින් රසායන ක්‍රම භාවිත කර රන් වෙන් කිරීමේ කටයුතු සඳහා මෙරට තුළ අවසර ලබා දී නොමැති බවයි.
වැසි රහිත කාලගුණයක
Wed, Jun 25, 2011, 09:10 am
ජුනි.25- දකුණු හා ගිණිකොන දිග මුහුදු ප්‍රදේශ අද දිනයේ මද වශයෙන් රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේ දිවයින පුරා වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ගයනා හෙන්ද්‍රවිතාරණ පැවසුවාය.
ආසනික් අර්බුදය සම්බන්ධයෙන් විදුසර පුවත්පතේ ස්‌ථාවරය
රාජේන්ද්‍ර කුලසිංහ -VIDUSARA
"ගිනිකූර පත්තු කරලා තියලා දැන් පැත්තකට වෙලා බලා ඉන්නවා නේ දැ"යි ඉකුත් දිනක සහෝදර මාධ්‍ය මිත්‍රයෙක් විහිළුවට මෙන් මගෙන් විමසා සිටියේ ය. මම ඒ අවස්‌ථාවේ දී ඔහුට ආසනික් අර්බුදය සම්බන්ධයෙන් අප පුවත්පතේ ස්‌ථාවරය පැහැදිලි කර දුනිමි.
ආසනික් සිද්ධියට අදාළව විදුසර පුවත්පත ඉටු කළේ කවර ආකාරයේ කාර්යභාරයක් ද යන්න සහ මේ සිද්ධියට අදාළව මේ පුවත්පත අනුගමනය කරන්නේ කෙබඳු ප්‍රතිපත්තියක් ද යන්න ගැන, ඇතැම් අය නිසි පරිදි දැනුවත් වී නැති බව පෙනෙන්නට ඇත.
පළමුවෙන් ම කිව යුත්තේ "ආසනික් කතාව" මුලින් ම රටට හෙළි කිරීම සඳහා අදාළ පර්යේෂකයන් උපයෝගි කරගත් ජනමාධ්‍යය විදුසර නො වන බවයි. එය රජයේ විද්යුත් මාධ්‍යයක් ඔස්‌සේ කෙරුණු සජීවී සාකච්ඡාමය වැඩසටහනක දී හාපුරා කියා රටට අනාවරණය කරන ලද්දකි. අප දන්නා තරමින් විදුසර, ආසනික් උවදුර පිළිබඳ කථාව පළ කළ පස්‌වැනි ජනමාධ්‍යය වේ. (කිහිප දෙනකු මේ පිළිබඳව පළමු වරට දැනුවත් වූයේ විදුසරෙන් යෑයි කීමෙන් විදුසර එය පළමුවෙන් ම ප්‍රසිද්ධියට පත් කළ ජනමාධ්‍යය බව අදහස් නො වේ).
දෙවනුව, මේ ලිපිය සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද්දක් නො වේ. එය පර්යේෂක කණ්‌ඩායමේ සාමාජිකයකු විසින් ම ලියනු ලැබ විදුසර වෙත යොමු කරන ලද්දකි.
ඊළඟට, විදුසර පුවත්පත එම ලිපිය නිසි ප්‍රමුඛතාවක් ලබා දෙමින් පළ කළේ පැහැදිලි පදනමක් හා දැක්‌මක් සහිත ව ය.
එම සොයාගැනීම සිදු කරනු ලැබ තිබුණේ රටේ පිළිගත් ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයයක් කේන්ද්‍ර කරගත් පර්යේෂකයන් පිරිසක් විසිනි. එම කණ්‌ඩායමේ ප්‍රධානියා විද්‍යා පීඨාධිපතිවරයකු වනවා පමණක් නො ව සුපතළ විද්වතෙක් ද වේ. රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි, පිළිගත් විශ්ව විද්‍යාලයයක රසායන විද්‍යා අංශාධිපතිවරියක ද වන මහාචාර්යවරියක් ඇතුළු රජරට වකුගඩු රෝගය පිළිබඳ සායනික අත්දැකීම් ඇති වෛද්‍යවරු පිරිසක් ද කණ්‌ඩායමට ඇතුළත් ව සිටිය හ.
විදුසරෙහි ලිපිය පළ වන විට ද මේ සොයාගැනීම පිළිබඳ වාර්තාවක් මෙරට පැවැති විද්‍යාත්මක සමුළුවකට ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ බව ද මෙහි ලා සඳහන් කළ යුතු ය.
දෙවනුව, එම ලිපියෙන් ලේඛකයා දෙන පණිවිඩය ජන ජීවිතය ව්‍යසනයකින් ගලවාගැනීම සඳහා අතිශයින් ම වැදගත් වන පණිවිඩයකි. තමන් අවසන් වශයෙන් යෝජනා කරන්නේ සහල් පරිභෝජනය අතහැර පාන් පිටිවලට යොමු වීම නො වන බව ද එහි අවධාරණයෙන් යුතු ව සඳහන් කිරීමට ඔහු අමතක නො කරයි.
එම ලිපියේ අවසාන කොටසින් කළ මේ උපුටාගැනීම බලන්න.
මේ හමුවේ අප කළ යුත්තේ බත් කෑම අත්හැරීම ද? බත් කෑම අත්හැර වඩාත් රෞද්‍ර වූ පාන් පිටි කරා ගමන් කිරීම ද? නැත. කිසිසේත් ම නැත. ආසනික් අඩංගු කෘමිනාශක, වල්නාශක භාවිතය අත්හැරීමයි. අපට උරුම අපේ ගොවිතැන වෙත ගමන් කිරීමයි.
එතෙකින් නො නවතින ඔහු අපේ උරුමය නැවත සොයා යැම සඳහා ඔවුන් දැනටමත් සාර්ථකව අත්හදා බලමින් සිටින ධාර්මික හෙළ ගොවිතැනක් ගැන ද පාඨකයා දැනුවත් කරයි. ඒ අනුව ඇතැම් අය කියන ආකාරයට, විකල්ප විසඳුමකින් තොර හුදෙක් බියගැන්වීමක්, කලබැගෑනියක් පමණක් විදුසරෙහි පළ වූ ලිපියෙන් ඇති වන්නට තිබිණි ය යන චෝදනාව, තවදුරටත් විමසුමට ලක් විය යුතු බව අප ගේ වැටහීමයි.
ජනමාධ්‍යයක් සෘජුව ආමන්ත්‍රණය කරන්නේ පොදු ජනතාවට ය. විද්‍යාත්මක පර්යේෂණයකින් යෝජනා කෙරෙන, ජන ජීවිතය සුවපත් කළ හැකි පණිවිඩයක් ගැන ජනතාව (මේ පුවත්පත පරිශීලනය කරන්නේ රටේ ජනගහනයට සාපේක්‌ෂව අතිශයින් සීමිත ජන කොටසක් විය හැකි නමුත්) දැනුවත් ව සිටීමේ ඇති වරද කිම?
තව ද එම ලිපිය පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජිකයකු විසින් ලියන ලද්දේ වුව ද සම්මත පර්යේෂණ පත්‍රිකාවක මුහුණුවරින් (ඊට අදාළ සියලු රීතීන්ට යටත් ව) ඉදිරිපත් වූවක් නම් නො වන බව සැබෑ ය. එම මුහුණුවරින් පර්යේෂණ වාර්තාවක් පළ කිරීම සඳහා විදුසර පුවත්පත අත්‍යවශ්‍යයෙන් ම බැඳී නැත්තේ එය විද්‍යාත්මක ප්‍රජාව උදෙසා වෙසෙසින් පළ කෙරෙන ජර්නලයක් නො වන බැවිනි.
ඊළඟට සඳහන් කළ යුතු වන්නේ විදුසර පුවත්පත, මේ ලිපිය හෝ ඊට පසුව වෙනත් අදහස් ඇති පිරිස් දැක්‌වූ කරුණු හෝ පළ කිරීමේ දී පුවත්පතෙහි සාමාන්‍ය සම්ප්‍රදායට එකඟ ව ම කටයුතු කර ඇති බවයි. එම සම්ප්‍රදාය නම් පිළිගත හැකි පදනමක් සහිත බාහිර ලේඛකයකු එවූ විශේෂ ලිපියක් පළ කරන විට වෙනත් පාර්ශ්වවල අදහස් දැක්‌වීම් එම ලිපිය සමග පළ නො කොට එවැනි අදහස් ඊට පසු කලාපයක පළ කිරීමේ අවස්‌ථාව එම පාර්ශ්වවලට විවෘත ව තැබීමයි.
ඒ අනුව මේ ලිපිය පළ වීමෙන් පසු පුවත්පතට හිතවත් වෙනත් විශ්වවිද්‍යාලයයක මහාචාර්යවරයකු විසින්, එම ලිපියෙහි සඳහන් ඇතැම් කරුණු හා එකඟ නො විය හැකි බව පවසමින් ඊට අදාළව පැහැදිලි කිරීමක් සිදු කිරීමට අපෙන් අවස්‌ථාවක් ඉල්ලා සිටින ලදි. එහි දී ඔහු විසින් අදහස් ලබා ගන්නා ලෙස යෝජනා කරන ලද විද්වතුන් දෙදෙනා අතරින් වඩාත් අදාළ තැනැත්තිය ලෙස අප විසින් තෝරාගන්නා ලද්දේ මෙකී පර්යේෂණයට කේන්ද්‍ර කර ගැනුණු විශ්වවිද්‍යාලයයෙහි ම විශ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥතාවක් සහිත මහාචාර්යවරියකි.
එම ලිපිය ඇය හා සාකච්ඡා කර සකස් කිරීම සඳහා අප ඇගේ නිවසට ම ගියේ පෙර ලිපියෙහි වූ කරුණු විවාදයට ලක් කෙරෙන තොරතුරු දැනගැනීමේ බලවත් කුතුහලයක් හා වුවමනාවක් අප තුළ වූ බැවිනි.
එහෙත් එහි දී ඇය ඉතා ම ආචාරශීලීව අප හා පවසා සිටියේ එම ලිපියෙහි වූ කරුණු විවාදයට ලක් කෙරෙන ආකාරයේ තොරතුරු ලබා දීමට තමා තුළ කැමැත්තක් නැති බවයි. එහෙත් රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් තමන් ගේ පර්යේෂණ අත්දැකීම් අප පුවත්පතෙහි පළ කිරීම සඳහා ලබා දිය හැකි බව ඇය විසින් පවසන ලදි.
ඒ ආකාරයෙන් ලිපිය පළ කෙරෙන බවට වූ එකඟතාව මත ඇය ලබා දුන් තොරතුරු ඇසුරින් පිළියෙල කරන ලද ලිපිය 2011 ජූනි මස 15 වැනි දා විදුසර පුවත්පතෙහි පළ විය. (විවාදාත්මක කරුණු ලබා නො දුන් බැවින් එම ලිපිය සාකච්ඡාව ලබාගත් වහා පළ කිරීමේ අවශ්‍යතාවක් අපි නො දුටුවෙමු). එම ලිපිය ඇතුළත් පිටුව මුද්‍රණයට යෑවීමට පෙර එම මහාචාර්යවරිය අප කාර්යාලයට ම කැඳවා අදාළ ලිපිය තියුණු පරීක්‌ෂාවකට සහ ඇය ගේ මනාපය පරිදි ඇය ලවා ම වැඩිදුරටත් සංස්‌කරණයකට ද බඳුන් කරවා ගැනීමට අප සැලකිලිමත් වූයේ ඇය හා අප ඇති කරගත් එකඟතාව සුළු වශයෙන් හෝ කඩ කිරීම නොමැනැවැයි අප කල්පනා කළ බැවිනි.
මේ සිදුවීම මෙහි සඳහන් කරන්නට යෙදුණේ මෙකී මහාචාර්යවරිය ආසනික් ලිපියෙහි වූ අදහස් විවාදයට ලක් කෙරෙන ආකාරයේ ලිපියක් විදුසරට එවූ බවත් විදුසර එය පළ කර නැති බවත් සඳහන් කරමින් විදුසර ඒකපාර්ශ්විකව කටයුතු කරන පුවත්පතක් යෑයි හැඟවෙන ආකාරයේ අදහසක් ඇතැම් පාර්ශ්වයක් විසින් ප්‍රසිද්ධියේ මතු කරනු ලැබ තිබූ බැවිනි.
විදුසර පුවත්පත, මේ වන විට උද්ගත ව ඇති ආසනික් අර්බුදය සම්බන්ධයෙන් දරන ස්‌ථාවරය කුමක් ද යන්න මීළඟට විමසා බලමු.
මේ සටහන තබන 2011 ජූනි මස 19 - ඉරිදා උදය වරුව වන විටත් "ආසනික් පර්යේෂකයන් කණ්‌ඩායම" කාර්මික තාක්ෂණ ආයතනයේ රසායනාගාර වාර්තාවට නිල වශයෙන් අභියෝග කළ බවක් අපට දැනගන්නට ලැබී නැත. අඩු ම තරමින් ලියාපදිංචි තැපෑලෙන් එම ආයතනය වෙත, අභියෝගයක් ලෙස නුසුදුසු නම් සුහද මුහුණුවරකින් හෝ "මේ පරීක්‌ෂණය මීට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ඉදිරියේ නැවත සිදු කර බලමු, දෙපිරිස අනුගමනය කළේ වෙනස් ක්‍රමවේද නම් ඒ ගැන ද පුළුල් සමාලෝචනයක යෙදෙමු, මතභේදයට ලක් ව ඇති සාම්පල ද පරීක්‌ෂා කරමු" ය යනාදී ඉල්ලීම් ඉදිරිපත් කරනු විනා ජනමාධ්‍ය ඔස්‌සේ, දුරකථන මාර්ග ඔස්‌සේ, නැති නම් දේශපාලන ප්‍රබලයන් ලවා අභියෝග කිරීම/ඉල්ලා සිටීම තරම් වේ ද යන්න ඊයේ සන්ධ්‍යා වරුවේ ද අදාළ පර්යේෂණ කණ්‌ඩායමේ ප්‍රකාශකයකු ගෙන් අපි විමසා සිටියෙමු.
අනෙක් අතට රජය මේ දක්‌වා මේ අර්බුදයට මැදිහත් වීමෙහි ලා කටයුතු කර ඇති ආකාරය හා ඉන් ලබා ඇති ප්‍රතිඵල අදාළ ඇමතිවරුන් ගේ, නිලධාරීන් ගේ හා ඇතැම් විට අදාළ ව්‍යාපාරිකයන් ගේ නිදොස් බව/හිතසුව පිණිස ප්‍රමාණවත් විය හැකි මුත් පොදු ජනතාව තුළ මේ සම්බන්ධයෙන් පවතින සැක සංකා හා ගැටලු නිරාකරණය කිරීමට ප්‍රමාණවත් ද යන්න අපට ගැටලුවකි. මේ පරීක්‌ෂණය විනිවිදභාවයකින් යුතු ව හා අෙන්‍යාන්‍ය අවබෝධයකින් යුතු ව නැවත සිදු කරවාගැනීමට අදාළ පර්යේෂකයන් කණ්‌ඩායම ඉදිරිපත් නො වන්නේ නම් "ඔවුන්ට එපා නම් අපි කරදර වෙන්නේ මොකට ද" න්‍යායෙන් සිටින්නේ නැති ව මෙය ජාතික මට්‌ටමේ කටයුත්තක් ලෙස සලකා ඔවුන් ඒ තැනට පමුණුවාලීමට රජය මැදිහත් වීමක් නො කරන්නේ ඇයි?
රජයයක්, මෙතරම් ජනතාවට වැදගත් කරුණක දී එක් ආයතනයකින් (උසස් ප්‍රමිතියකින් යුතු පර්යේෂණ පහසුකම් ඇත්තේ වුව ද) නිකුත් කළ පර්යේෂණ වාර්තාවකින් ම සෑහීමකට පත් වීම සුදුසු ද? උසස් ප්‍රමිතියකින් යුතු ආයතනයක උපකරණමය හෝ ක්‍රමවේදීමය හෝ මානවමය හෝ ඌනතා සිදුවීමේ ඉඩක් ඇත්තේ ම නැද්ද? මේ අපට මේ අරභයා නැඟෙන ප්‍රශ්න සමහරකි.
මේ අතර මෙරට විද්‍යාභිවර්ධනය පිණිස, විද්‍යාඥයන් ගෙන් සැදුම්ලත් සංගමයක් ද පවතින අතර ඔවුන්ට ද මේ අර්බුදය විසඳීමට වඩාත් සාධනීය ප්‍රවේශයක් ගත හැකි බව අපට හැඟේ. මෙය පොදුවේ අපේ ම විද්‍යාඥයන් අතර මතභේදයක් ඇති වූ අවස්‌ථාවක් ලෙස සලකා එය තම ප්‍රජාව අතර ම නිරාකරණය කරගත හැකි හා පොදුවේ එකඟ විය හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් යෝජනා කිරීමට, සම්මුතියක් ඇති කරගැනීමට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයට පුරෝගාමී විය නොහැකි ද? එවැනි ප්‍රයත්නයක අවසන් අරමුණ විය යුත්තේ එකිනෙකාට ඇඟිලි දිගු කරගැනීම හා වගකීම පැටවීම නො ව අනාගතයේ දී වුව මතු විය හැකි මෙවැනි අර්බුදයක දී එය සාධනීය අයුරින් සමනය කරගත හැකි මං සෙවීම ය.
මෙවැනි ප්‍රවේශයකට නො යා, මේ සිදුවීම පිටුපස ඇත්තේ පාන් පිටි කුමන්ත්‍රණ, අදෘශ්‍යමාන බලවේග පමණක් ම යෑයි හැඟවෙන ආකාරයේ ප්‍රකාශ හා ප්‍රචාර සිදු කිරීම මෙන්ම මේ සිදුවීම වඩාත් විද්‍යානුකූල පදනමකින් විග්‍රහ කරගැනීමට උත්සුක වන්නන් සමාගම්වල වරදාන ලබාගන්නන් ලෙස හංවඩු ගැසීම ද බුද්ධිමය පරිණතභාවයකින් යුතු පාර්ශ්වයකට තරම් නො වේ ය යන්න අප ගේ අදහසයි.
අවසන් වශයෙන් කිව යුත්තේ මේ අර්බුදයේ දී විදුසර පුවත්පතේ මතය පළ කිරීමට අප පෙලඹෙන්නේa විද්‍යා පුවත්පතක අනන්‍යතාවට කැළලක් නො සිදු වන ආකාරයෙන් බවයි. එනම් හුදෙක් ම හැඟීම් බර ව මත පළ කිරීම විද්‍යා පුවත්පතක වගකීම නො වන බව සිතමු. (බාහිර ලේඛකයන් ඇතැම් විටක මේ පුවත්පතට එවැනි අදහස් ද ඇතුළත් ලිපි ලියන අවස්‌ථා තිබිය හැකි මුත් අප විසින් ම පුවත්පතෙහි මතය සෘජුව ප්‍රකාශ කිරීමේ දී ඉහත කී කරුණ ගැන අපට සැලකිලිමත් වීමට සිදු වේ). විනිවිදභාවයකින් හා පුළුල් අෙන්‍යාන්‍ය අවබෝධයකින් යුතු ව මේ සියලු පාර්ශ්ව එක් ව අදාළ පර්යේෂණ කටයුතු සමාලෝචනය කර බලන තුරු අවසන් නිගමනයකට එළඹීමේ හැකියාව - විද්‍යා පුවත්පතක අනන්‍යතාව තුළ - අපට නොමැත. එහෙත් ඒ දක්‌වා, අදාළ සියලු පාර්ශ්වවල, පිළිගත හැකි පදනමක් සහිත අදහස් දැක්‌වීම්වලට මේ පුවත්පත විවෘත කර තැබීමේ වරදක් අපට නො පෙනේ.
Wed, Jun 22, 2011, 08:50 pm
අමල් උඩවත්ත -VIDUSARA
ශ්‍රී ලංකාවේ පානයට සහ වෙනත් කටයුතු සඳහා යොදා ගන්නා ජලයේ ගුණාත්මක තත්ත්වයත් භූගත ජල පරිමාව සහ සංයුතිය පිළිබඳ වත් පර්යේෂණ සිදු කිරීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයට අයත් ජාතික ජල සම්පත් මණ්‌ඩලය පියවර ගෙන ඇතැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ තව දුරටත් සඳහන් අන්දමට මේ පර්යේෂණ කටයුතු පානීය ජල හිඟයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජනයා ගේ අවශ්‍යතා සඳහා සිදු කෙරෙන අතර ඔවුන් වෙනුවෙන් අඟල් 6ක විෂ්කම්භයෙන් යුත් නළ ළිං 100ක් ඉදි කිරීමට නියමිත ය.
කාර්මික කටයුතු හේතුවෙන් භූගත ජලයට බැක්‌ටීරියා මඟින් සිදු වන හානිය පිළිබඳව පර්යේෂණ කිරීම සඳහා නල්ලූර්, චාවකච්ෙච්රි, යාපනය, නාගරික සීමාව වැනි ප්‍රදේශවල ස්‌ථාන 418ක් තෝරාගෙන ඇත. කෘෂිකර්ම කටයතු නිසා ජලය අපවිත්‍ර වීම පිළිබඳව පර්යේෂණ කිරීම සඳහා පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ කල්පිටිය ප්‍රදේශය ආශ්‍රිත ස්‌ථාන 68ක් තෝරාගෙන ඇත. මාතලේ දිස්‌ත්‍රික්‌කයේ දඹුල්ල, ගලේවෙල, ලග්ගල, පල්ලේගම, නාඋල සහ පල්ලේපොල යන ප්‍රදේශවල ස්‌ථාන 1200ක පර්යේෂණ කිරිමට නියමිත ය.
උතුරුමැද පළාතේ පැතිරී ඇති වකුගඩු රෝගය පදනම් කර අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මැදවච්චිය නුවරගම් පළාත පදවිය, කැබිතිගොල්ලෑව, රඹෑව, හොරොව්පතාන, කහටගස්‌දිගිලිය හා ගලෙන්බිඳුණුවැව යන ප්‍රදේශ ආශ්‍රිතව ස්‌ථාන 1990ක පර්යේෂණ සිදු කිරීමට නියමිත ය. කාර්මික අපද්‍රව්‍ය ජලයට මුසු වීම පිළිබඳව පර්යේෂණ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගම්පහ, ජාඇල, වත්තල බියගම සහ කටාන යන ප්‍රදේශ ආශ්‍රිත ස්‌ථාන 375ක සිදු කිරීමට නියමිත ය. මේ සියලු ම ව්‍යාපෘති සඳහා වේලි ආරක්‍ෂණ හා ජල සම්පත් සැලසුම් කරන ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 200ක මුදලක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ උපදෙස් අනුව ලබා දෙනු ඇත.
සහල්වල ආසනික් තිබේද නැද්ද යන්න ජනතා අධිකරණයේ විභාග වන නඩුවක්
මහාචාර්ය නලින් ද සිල්වා
Tue, Jun 22, 2011, 08:50 am
සහල්වල ආසනික් තිබේ නම් අධිකරණයේ නඩු පවරන ලෙස බතලගොඩ සහල් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය නිමල් දිසානායක කර ඇති ප්‍රකාශය පිළිබඳ "දිවයින" කළ විමසුමකදී වැඩිදුරටත් අදහස් පළ කළ මහාචාර්ය නලින් ද සිල්වා මහතා, රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු සහ රජයේ ජනමාධ්‍යවල කිහිපදෙනෙක් සත්‍යය යටපත් කරන්නට උත්සාහ දරන බව ද පැවසීය.
යුද්ධයෙන් පසු රටට එරෙහිව දියත්ව ඇති එක් කුමන්ත්‍රණයක් ලෙස සමහරුන් මෙය හැඳින්වුවත් යුද සමයේදීත් ඉන් පසුවත් රටට එරෙහි නැගුණ කුමන්ත්‍රණ පරාජය කරන්නට තමා කටයුතු කළ ආකාරය මුළු රටම දන්නා බව ද මහාචාර්යවරයා පැවසීය.
තමුන් පරීක්‍ෂා කරන ක්‍රමයට හමුq නොවූ පමණින් කිසිවක් නැතැයි කියන්නට කිසිවකුට නොහැකි යෑයි පැවැසූ මහාචාර්යවරයා කාර්මික හා තාක්‍ෂණ ආයතනයෙන් සිදුකළ පරීක්‍ෂණවලින් පමණක් සහල්වල ආසනික් නැතැයි නිගමනය කිරීම නිවැරැදි නොවේ යෑයි ද වැඩිදුරටත් පැවසීය.
ARSENIC UPHEAVAL: THE TRUTH AND FICTION
By Dr. Anura Wijesekara – Registrar of Pesticides
Wednesday, June 22, 2011The alleged presence of Arsenic (As) in rice and pesticides in an article published in the ‘Vidusara’ newspaper on April 27, 2011 has created a media sensation. The gist of the story based on an interview with Dr. Channa Jayasumana (MD) of Rajarata University was that the cause for Chronic Kidney Disease of Unidentified Etiology (CKDu) in the North Central and Uva provinces is deposits of high levels of As compound in the kidneys. It was implied that people get this As from eating high levels of As and the reason for high levels of As in rice is the presence of high levels of As in commonly used pesticides in the area.
Although this allegation needs to be investigated cautiously as it is the fifth hypothesis that has been put forward for the cause of CKDu by groups of scientists, the responsibility vested upon me as the Registrar of Pesticide (ROP) compelled me to take immediate action. First, I wrote to every member of this group and requested them to give me a report of their findings including the names of pesticides that contain As, their points of sale, method used for detecting As, the accuracy and precision of the instrument used for analysis. If this allegation is true remedial measures need to be taken immediately. Therefore I faxed my request to the prominent members of the group and even contacted Dr. Jayasumana on his mobile phone. Unfortunately, I am yet to receive an official reply to my request.
However, after several phone calls Dr. Jayasumana provided me only a list of 28 pesticides with no other information. Assuming these are the pesticides alleged to contain high levels of As the ROP office immediately arranged to take samples from sales outlets in Padaviya, Sripura, Girandurukotte and Dehiattakandiya areas where CKDu incidence is high, through standard procedure. The procedure to follow when taking samples is stated in the Pesticides Control Act No. 33 of 1980 (Amended in1994). Accordingly, pesticides in a single container was divided into three equal samples and sealed in front of the shop owner. One of the sealed samples was given back to the shop owner with written instructions to keep it safely. Of the two samples brought to the ROP office, one is kept locked up and the other was sent for analysis to check for the presence of As and Mercury. The sample kept at the point of sale can be tested by the affected party with my permission, if they wish to do so. Analytical results of the affected party, if contravene the results of ROP, can be used to challenge the ROP in a court of law and the court can order the release of the sample kept in the ROP office to a laboratory of choice by the court for resolution of the conflict.
The ROP can accept analytical results only from an ‘authorised analyst’ defined in the Control of Pesticides Act. Accordingly samples of 28 pesticides were sent to the locally and internationally accredited Industrial Technology Institute (ITI) laboratory of the Ministry of Science and Technology for analysis. We, as a responsible government organization, did not respond to various allegations in the media on this As issue until the results of our investigations mature. However due to various misinformation that could mislead the public and be harmful to our country was becoming rampant in the media, the Department of Agriculture and the Ministry of Agriculture decided to reveal the analysis so far carried out. Armed with the results of 23 pesticide samples and 20 rice samples, a press conference was convened by the Minister of Agriculture on June 13, 2011. Following are the results of pesticide analysis we have received so far.
According to the results Carbofuran (an insecticide) and Glyposate (herbicide) contain minute amounts of As.
Table 2 shows the maximum permissible As levels for some consumer items in Sri Lanka
Unfortunately there is no maximum permissible level of Arsenic set for the two pesticides that are positive for presence of As either by local standards or FAO pesticide guidelines. However, by comparison with the values allowed for some food items in Table 2 you will realise that the amounts found in the two positive samples are very low.
The As upheaval in the country led me to temporarily hold importation, distribution and sales of the As positive products. Before ordering the restrictions the ROP office has taken stock of the products in hand of these companies and ordered them to inform their agents around the country not to sell the products. In addition to that the ROP office has directly informed the agents of companies and has taken steps to monitor retail sale shops of the ‘Authorised Officers’ throughout the country who have been appointed by the Director General of Agriculture according to the provisions of the Act. This monitoring is possible as all shops which sell pesticides are registered with the ROP office.
It is not possible for me to decide whether the levels of As detected is harmful for the human health and environment. To take such decisions there is a Pesticide Technical and Advisory Committee (PeTAC) appointed according to the Act. This committee, chaired by the Director General of Agriculture, consists of 15 members of which 10 members are ex-officio including the Secretary to the Ministry of Health, Directors of Tea, Rubber and Coconut Research Institutions, the Government Analyst and representatives from the Sri Lanka Standard Institute and Labour Commissioner. The other five members appointed by the Minister of Agriculture include reputed professionals with experience in research and use of pesticides who do not have any commercial interest related to the pesticide industry.
Once the complete analytical report of all concerned pesticides is received from ITI, the results will be submitted to the PeTAC for the recommendation on action which needs to be taken on Arsenic contaminated pesticides. If the committee decides that the levels of As found could harm human health or the environment, the suspended pesticides will be banned otherwise the restrictions will be removed.
These facts were presented at the press conference held at the Ministry of Agriculture on June 13. However, we have noted that all the facts have not been presented to the public and some misinformation is infused by the media. Therefore, I kindly request the public to be aware and understand the following.
The story unfolded in the media on As in Rice and Pesticides has given the impression that Arsenic is not present in the unspoiled environment of Sri Lanka. This is fiction. Arsenic is the 20th most abandoned element in the world and there is ample scientific evidence to show As is also present in Sri Lankas’ environment including soil, water, living organisms and even in the human body albeit in very minute quantities.
Of course, chronic As poisoning can occur if considerably high amounts of As are accumulated in the body. Most of the measurements on Arsenic is total As. It is also important to understand that only the inorganic As can accumulate and be poisonous. Organic As is usually excreted by the human body.
The amount of As absorbed by different plants varies according to the species and the amount of As present in the soil. If there are elevated levels of As in the soil or ground water, plants may absorb relatively higher amounts. The rice plant is known to absorb more As than other cereals as it is grown in water. However, only 2-3% of As absorbed by the rice plant is deposited in the rice kernel both in organic and inorganic forms.
Milled rice may contain minute amounts of As. According to research reports from around the world milled rice contains about 80-200 ug/kg As. Since China produces rice with high amounts of As in some areas it has developed a maximum allowable limit of 150 ug /kg of rice. However, Cordex Alimentrarius Commission, the World organisation for setting Maximum Residue Levels (MRL) in food has not yet established a MRL for As. On behalf of the Director of the Rice Research and Development Institute of the Department of Agriculture I am happy to report that 20 rice samples tested so far out of 60 samples taken from all over the country including CKDu areas have not been positive for As.
It is important to be informed that not only rice but many food items including wheat flour contains minute amounts of As in them. Usually sea food has relatively higher amounts of As.
The Gazette notification of June 6, 2001 has prohibited among others importation of pesticides with As or Mercury as the active ingredient. It does not provide any authority to prohibit importation of pesticides with As or Mercury as minute impurities. However, the ROP office guarantees that no pesticide with high levels of As or Mercury has been registered in Sri Lanka.
There has been an attempt to compare the actions taken by the Customs Department and the ROP office and point out that ROPs reaction was lethargic or half hearted. I am not aware of the Customs Act but I can assure that the ROP office has acted swiftly within the framework of the Pesticide Control Act and better reaction cannot be expected without amending the Act. The analytical report that has been accepted by the Customs Department cannot be accepted by ROP for the reasons already mentioned.
Before ending this article, I would like to draw your attention to another aspect of the whole affair. As you are aware our country depends on export of many agricultural produce. Loose tongues and irresponsible reporting could lead to irrevocable repercussions in the export sector and thereby adversely affect the whole economy of Sri Lanka. One interested group has already termed this as As terrorism. Yet close scrutiny of the facts and media sensation created, points to wheat flour terrorism or even biological warfare!
Sri Lanka's arsenic in rice issue is now in people's court, expert says
Tue, Jun 22, 2011, 08:45 am
June 22, Colombo: Prof. Nalin de Silva, the leader of the Sri Lankan investigation team that led to the controversial media revelation of arsenic in locally produced rice says the issue is before the people's court.
The professor made these comments in response to a challenge by Dr. Nimal Dissanayake, the Director of Rice Research and Development Institute of Bathalagoda.
Arsenic is a naturally occurring chemical in soil and ground water although it can also come from pesticides. Rice is the agricultural product most likely to contain high levels of arsenic because it's grown in watery oxygen-free environment where the naturally occurring arsenic in the soil can be freed and more readily taken up by the plant, according to soil researchers.
ආසනික් චෝදනා යට යන්නේ මෙහෙමයි
ජාතික මදුරු මර්දන සතිය අදින් ඇරඹෙයි
June 20, 2011 06:12 am
අද සිට ලබන 26 වන දින දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 305ක මදුරු මර්දන මෙහෙයුම් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක් කලාප 7 ට බෙදා සියලු කාර්යය මණ්ඩලය එක් දිනකදී අදාළ කලාපය පිහිටි නිවාස හා පරිශ්‍ර පිරිසිදු කිරීම හා පරීක්ෂා කිරීම සිදුකිරීමට නියමිතය. ඩෙංගු මර්දන සතියේ ජාතික වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩදී පැවැත්වෙයි. මේ වසරේ ගතවු මාස හය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 8,000ක් පමණ වාර්තා වී ඇති අතර පුද්ගලයන් 69 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
ආසනික්
චෝදනා විමසන්නෝ බහුජාතික සමාගම්වල මුදලට යටවෙලා
ඒ පිළිබඳ පර්යේෂණ කළ ආචාර්ය මහාචාර්යවරුන් මෙම පළිබෝධ නාශක නිෂ්පාදනය කරන බහුජාතික සමාගම්වල මුදලට යටවී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික,හිටපු අමාත්‍ය පියසිරි විජේනායක මහතා සඳහන් කරයි.
කෘෂි කර්ම අමාත්‍යවරයාද මෙම උගුලට හසුවී සහල්වල ආසනික් නැති බවට පසුගියදා ප්‍රකාශයක් කර තිබුණු බව විජේනායක මහතා සිහිපත් කළේය.
මෙරටට ආනයනය කරන ලද පළිබෝධ නාශකවල ආසනික් පවතින බවට රේගුව විසින් සනාථ කර තිබියදී ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් නොපවත්වා යටගැසීම බලවත් ප්‍රශ්නයක් නොවේදැයි ඔහු ප්‍රශ්න කළේය.
අද පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළ අතර එකී අවස්ථාවට දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර,හරිත පක්ෂයේ සභාපති සුමිත් වන්නිආරච්චි යන මහත්වරුන් ද සහභාගී විය.
ආසනික් තොණ්‌ඩුව දාගෙන වගෙයි ආණ්‌ඩුව
කෘෂි රසායන ත්‍රස්‌තවාදය හරහා කෝටි දෙකකටත් ආසන්න සමස්‌ත ශ්‍රී ලාංකිකයන් මරා දැමීමට අධිරාජ්‍යවාදී බහුජාතික බූවල්ලන් රහසේ කළ සැළසුමක් රටට හෙළි වූයේ නොබෝදාය.
ඒ හෙළිදරව්ව පසුපස සිටියේ මේ රටේ පිළිගත් උගතුන් පිරිසක් වූ විද්වත් මඬුල්ලකි. කණ්‌ඩායමේ නායකත්වය දැරුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වා මහතාය. එකී හෙළිදරව්වෙන් ඔවුන් පැහැදිලිව කියා සිටියේ කුමක්‌ද? "අපේ ගොවීන්ට කෘෂි රසායන බෙදා හරින බහු ජාතික සමාගම් මේ රටට ගෙන්වන කෘෂි රසායනවල මාරාන්තික විෂ සහිත ආසනික් මහා පරිමාණයෙන් තිබෙනවා... රජරට ශූර ගොවියන් වකුගඩු රෝගීන් වී මිය යන්නේ ඒ විෂ නිසායි...
ඔවුන් පළමුව රටට කීවේ ඒ ටිකය. එහිදී එකී ක්‍රියාවලිය සිදු වන ආකාරය මෙන්ම විශේෂයෙන් රජරට ගොවීන් වකුගඩු රෝගීන් වී මියෙන ආකාරයද ඔවුහු විද්‍යාත්මක පර්යේෂණ මගින් රටට හෙළි කරනු ලැබූහ. ඉන් නොනැවතුනු මේ විද්වතුන් මෙරට භාවිතා කෙරෙන කෘෂි රසායන හාරසියයක් පමණ විධිමත් විද්‍යාත්මක පර්යේෂණයකටද ලක් කරමින් ඒවායෙහි ටොන් ගණනින් තිබූ ආසනික් විෂ ප්‍රමාණද මැනවින් පෙන්වා දුන්නේය.
"අපි මේ පර්යේෂණ කළේ කැලණිය විශ්විද්‍යාලයේ සහ ජාතික ජලසම්පාදන මණ්‌ඩලයේ පිළිගත් රසායනාගාර තුළ... රජරට වකුගඩු රෝගයේ නිධාන කථාව සොයා ගත්තේ ඉන් මිය ගිය අයගේ මළසිරුරුද සියුම් වෛද්‍ය පර්යේෂණයකට ලක් කිරීමෙන් අනතුරුව... ඔවුහු එය සිදු කළ අකාරයද එසේ පැවැසූහ. මෙකී හෙළිදරව්වෙන් ප්‍රබලම ප්‍රහාරය මුලින්ම එල්ල වූයේ කාටද? වෙන කිසිවෙකුටවත් නොව ඒ ප්‍රහාරය වැදුණේ අපේ ගොවියන්ගේ හිතමිතුරන් වී ඒ ශූර ගොවියන්ගේ වකුගඩු දිය කර හරිමින් ඔවුන් මරණමංචකයට ඇද දමා මඩි තරකර ගත්, මේ බිමට තොග පිටින් මාරාන්තික විෂ කෘෂි රසායන ආනයනය කළ බුහුජාතික ත්‍රස්‌තවාදීන්ටය.
දෙවන ප්‍රහාරය එල්ල වූයේ එකී ත්‍රස්‌තවාදීන්ට රිසි සේ මේ බිමේ සැරි සැරීමට ඉඩදී ලැබෙන දොළ පිදේනි හමුවේ මුනිවත රැකි, අපේම නිදහස් අධ්‍යාපනයෙන් අකුරු කර දැනමුත්තන් වී වගකිවයුතු නිලතල හෙබවූ අදාළ රාජ්‍ය නිලධාරි මාෆියාවටය.
අවසානයේ සිදු වූයේ කුමක්‌ද? පෙර කී බහුජාතික ත්‍රස්‌තවාදීන් මෙන්ම වගකිවයුතු රාජ්‍ය නිලධාරි මාෆියාවද එක්‌ව ඉහත යථාර්ථය රටට හෙළි කළ විද්වතුන්ට එරෙහිව සටන ඇරඹීමය. එහිදී ඔවුන් ප්‍රථමයෙන් කළේ කුමක්‌ද? මේ විද්වතුන්ගේ හෙළිදරව්ව පුස්‌සක් යෑයි ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා මෙරට නිදහස් අධ්‍යාපනයේම පිහිටෙන් වෘත්තිකයන් වී රටට පෙර මම යෑයි සිතා නිරුවතින් කටයුතු කරන එකී විද්වතුන් හා සමානම කණ්‌ඩායමක් කුලී හේවායන් ලෙස යොදා ගැනීමය. තමන්ට හිමි නියමිත කුලිය ලැබෙද්දී ඔවුහු මේ බහුජාතික ත්‍රස්‌තවාදීන් සහ ඊට උඩගෙඩි දුන් රාජ්‍ය නිලධාරි මාෆියාව වසන් කිරීමේ පෙරගමන්කරුවන් වී මෙහෙයුම ආරම්භ කරනු ලැබූහ.
"ඔය පර්යේෂණ පිළිගන්න බැහැ... ඕවා කොහෙත්ම වෙන්න බැහැ... මේ කරන්නේ බොරුවක්... සත්‍ය විය යුත්තේ මෙය යෑයි කියමින් තමන් සතු දැනුම සහ ආවර්ථිතා වගුව එකට ගෙන එකම හැළියේ දමා පත අට එකට සි» එකී කුලී හේවායෝ රටේ ජනතාව ඉදිරියේ අමු අමුවේ එසේ දෙසා බාන්නට වූහ.
මේ අතරේ පෙර කී බහුජාතික ත්‍රස්‌තවාදීහු තමන්ට සුපුරුදු ප්‍රචාරක වැඩපිළිවෙළ ක්‍රියාවට නන්වමින් අනේ අපි සුදනන් යෑයි මාධ්‍ය හරහා මොර දෙන්නටද වූහ. ඒද නිකම්ම නොව. රට සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඉහත සැබෑ විද්වතුන් හෙළි කළ යථාර්ථය ජනතාව අතරට ගෙන ගිය මාධ්‍යයටද තර්ජන එල්ල කරමිනි. "කෘෂි රසායන (ත්‍රස්‌තවාදීන්) පිළිබඳ විද්‍යාත්මක කරුණු නොමැතිව තොරතුරු හෙළි කළ ජනමාධ්‍යයට එරෙහිව අපි නීති මගින් කටයුතු කරනවා... බහුජාතික ත්‍රස්‌තවාදීහු එහිදී එසේ තප්පුලන්නටද වූහ. අනේ අපි නොදන්න චෙස්... මේ අරබයා අපට කීමට ඇත්තේ ඒ ටික පමණකි.
මෙසේ කෘෂි රසායන ත්‍රස්‌තවාදීන් පිළිබඳ සියලු තතු හෙළි කළ විද්වතුන් පිරිස තමන් ඉදිරියට පැමිණි සියලු අභියෝග අතරේ මෙතෙක් රටේ ජනතාව කෑමට ගත් අහාරවලටද මෙම මාරාන්තික ආසනික් විෂ ඇතුළුව ඇද්දැයි සොයා බලන්නට වූයේ මේ අතරතුරය. අවසානයේ ඔවුන් එයද සොයා ගත්තේය. "ඔව් ජනතාව කන අහරවලත් මේ විෂ තිබෙනවා... එනිසා මේ කරුමයෙන් ජනතාව බේරා ගැනීමට වගකිව යුත්තන් මැදිහත් විය යුතුයි... ඔවුන් එහිදී පැහැදිලිව එසේ පවසන්නට වූයේ දැඩි වගකීමකින්ද යුතුවය.
මෙරට කෘෂි රසායනවල ආසනික් විෂ අන්තර්ගත කථාව මෙසේ රටපුරා පැතිර යද්දී ඒ පිළිබඳ බීරන් සේ සිටි අදාළ බලධාරින් අවසානයේ සති කහිපයකට පසු දෙකොන රත්වී ඒ අරබයා පර්යේෂණයක් ආරම්භ කරනු ලැබුවේ මේ අතරතුරය. මේ පර්යේෂණය පිටුපස සිටියේ කවුරුන්ද? අන් කිසිවෙකුත් නොව මේ හෙණ ගෙඩිය රටේ ජනතාවගේ හිස් මත පතිත වීමට පෙර ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට වගකීම පැවරී සිටි එහෙත් බහුජාතික ත්‍රස්‌තවාදීන්ගේ දොළපිදේනි හමුවේ උන්ට කඩේ ගිය නිලධාරි මාෆියාව වීමද මෙහිදී වූ විශේෂත්වයකි. එහෙත් මේ පර්යේෂණය කරලියට ආවේ රජයේ පරයේෂණයක් ලෙසිනි. රටේ කෘෂිකර්මය භාර අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මැදිහත්වීම මත එය සිදු වීම ඊට හේතු වී තිබිණි.
මේ පර්යේෂණය සිදුවෙමින් තිබියදී "මුන්ට පිස්‌සු... එහෙම දෙයක් නැහැ... යනුවෙන් මෙහි ප්‍රතිඵල ලැබෙනු ඇතැයි අප පසුගිය සතියේ මේ පිළිබඳ සටහනක් තබමින් පැහැදිලිවම කියා සිටියේ එසේ වුවහොත් ඊට වගකියන්නේ කවුරුන්ද? යන්නද ප්‍රශ්න කරමිනි. කෙසේ හෝ ඉකුත් සඳුදා එම පර්යේෂණයේ ප්‍රතිඵල කරලියට පැමිණුනි. ඔව්. අප සිතුවා නිවැරදිම වී තිබිණි. එහි වූයේ මුන්ට පිස්‌සු... එහෙම දෙයක් නැහැ යන සාරාංශයම පමණි. එය රටට හෙළි කෙරුණේ කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එදින කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එයට පෙර අමාත්‍යංශය මගින් ඒ පිළිබඳ මාධ්‍ය ආයතන වෙත දැනුම් දීමක්‌ද කරනු ලැබීය. ඒ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් "ආසනික්" පිළිබඳ පර්යේෂණ ප්‍රතිඵල එළිදක්‌වන විශේෂ මාධ්‍ය හමුවක්" ලෙසිනි. මාධ්‍යවේදීහු ඉතා උනන්දුවෙන් එහි ගියහ. එහෙත් සියලු පාර්ශ්ව කෙසේ වෙතත් එහි සිටියේ කෘෂිර්ම ඇමැතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් පිරිසකි. අවම තරමේ රජයේ අදාළ පර්යේෂණය සිදු කළ නිලධාරියකුවත් එහි නොවීය. කෙසේ හෝ මාධ්‍ය හමුව ඇරඹිනි. "මම මේ රටේ කෘෂිකර්ම ඇමැතිවරයා මෙන්ම රටේ පුරවැසියකු ලෙස වගකීමෙන් ප්‍රකාශ කරනවා අප කළ පර්යේෂණයට අනුව සහල්වල ආසනික් නැහැ....
ඇමැතිවරයා එකී මාධ්‍ය හමුව අමතමින් මුලින්ම කීවේ එවන් වූ හතරබීරි කථාවකි. දෙවනුව ඔහු තවත් අපූරු ප්‍රකාශයක්‌ද කරන්නට විය. "ඒ වගේම රටේ තිබෙන කාෂි රසායන සාම්පල 28 ක් අප පරීක්‍ෂාවට ක් කළා ඉන් දෙකක හැර අන් සියල්ලේම ආසනික් විෂ නැහැ.... මේ පර්යේෂණය කළේ රජය පිළිගත් ආයතනයක් වන කාර්මික තාක්ෂණ ආයතනය මගින්... ඒ නිසා අප දැඩි වගකීමෙනුයි මේ ප්‍රකාශය කරන්නේ...රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව ප්‍රධානව රජය පිළිගත් එවන් ආයතන කිහිපයක්‌ම වෙනවා... තාක්‍ෂණ පර්යේෂණ ආයතනයත් ඒ වගෙම එකක්.
ඇමැතිතුමා කියන පරිද්දෙන් තාක්‍ෂණ පරයේෂණ ආයතනයත් වැටෙන්නේ රජය පිළිගත් රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව ප්‍රධාන කුලකයට නම් මේ සටහන අතරතුර මේ ටිකත් නොකිවහොත් අඩුවක් වෙතැයි අපට සිතේ.
ඇමැතිතුමනි මේ ගැන ඔබතුමා නොදන්නේදැයි අපිද නොදන්නෙමු. එහෙත් රජයේ රසපරීක්‍ෂක දෙපාර්තමේන්තුව මේතාක් රටේ අධිකරණ වෙත නිකුත් කර තිබෙන හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් වන බොහෝ වාර්තා අනුව නම් රට පුරා සිටින කුඩු ජාවාරමුන් මෙතෙක් මත්ලෝලීන්ට අලෙවි කර තිබෙනුයේ පාන් පිටි, සමර කුඩු සහ ඩිස්‌ප්‍රින් කුඩු බව නම් අපි දනිමු.
ඉදින් තාක්‍ෂණික පරයේෂණ ආයතනයත් ඇත්තේ මේ ගොඩේ නම් ඔබ මේ කථාව වගකීමේන් කියන්නේ කුමන පදනමක සිටිමින්ද? යම් අයුරකින් මෙකී වාර්තාව වැරදි බව තවත් පර්යේෂණයකින් තහවුරු වුවහොත් ඔබ කරන්නේ කුමක්‌ද? එසේම මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු එයට සහභාගි වී සිටි නිලධාරිහුද පරයේෂණ වාර්තාව පිළිබඳ කැරට් අල න්‍යායෙන් මාධ්‍යවේදීන්ට කරුණු දක්‌වන්නට වූයේ ඇමැතිවරයාගේ කතාවෙන් අනතුරුවය.
බහුජාතික කෘෂි ත්‍රස්‌තවාදීහු දෙකෝටියකට ආසන්න රටේ ජනතාව රහසේ වනසමින් ගෙනගිය මේ මාරාන්තික කුමන්ත්‍රණයේ තතු පැහැදිලිව හෙළිවී තිබියදීත් රටේ ඇමැත්තෙකු හාල් හුණුඩුවක බහා එය වසන් කිරීමට දරණා ප්‍රයත්නය දෙස උපේක්‍ෂාවෙන් බලා සිටි මාධ්‍යවේදීහු සියල්ල අසා නිහඬවම සිටින්නට වූහ. "ඔව් දැන් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න... අවසානයේ ඇමැතිවරයා එකී සාකච්ඡාව නැකැත් බලා මාධවේදීන්ට විවෘත කළේ එලෙසිනි.
දෙබරයට ගල වැදුණේ එතැනදීය. පැමිණ සිටි මාධ්‍යවේදීහු එකිනෙකා පරයා ඇමැතිවරයා ඇතුළු පිරිස වෙත ප්‍රශ්න ඉදිරිපත් කරන්නට වූහ. "කවුද මේ පර්යේෂණය කළේ... ඇමැතිවරයා ඇතුළු පිරිසට උත්තර නැත. "අපිට ඕකේ පිටපතත් දෙන්න... මාධ්‍යවේදීහු ඉල්ලති. අපිට දෙන්න බැහැ... තාක්‍ෂණ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ගෙන් ඉල්ලන්න... අමාත්‍යංශ ලේකම්වරයාගෙන් කදිම පිළිතුරකි. ඇමැතිතුමා දැන් රේගු අත්අඩංගුවේ තියෙන කෘෂි රසායන පරීක්‍ෂා කළේ නැද්ද... රේගුව අපෙන් එහෙම ඉල්ලීමක් කළේ නැහැ... ඇමැතිවරයාගෙන් තවත් හතරබීරි පිළිතුරකි. රජරට වකුගඩු රෝගයට මුල්වී තිබෙන භූගත ජලය ගැන පර්යේෂණ කළේ නැද්ද...? "නැහැ ඒක සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කෙරෙයි... ඇමැතිවරායා යළි කියයි.
මේ කතා අතරේ මාධ්‍යවේදීන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් සමග සුවිශේෂීම ප්‍රකාශය එළියට පැන්නේ පලිබෝධ නාශක රෙජිස්‌ටාර් ජෙනරාල් අනුර විඡේසේකර මහතාගේ මුවිනි. "අපේ රටේ සිදුවන ක්‍රමයට අනුව කෘෂී රසායන ලියාපදංචි කිරීමේදී මූලිකව විද්‍යාත්මක පර්යේෂණයක් කරන්නේ නැහැ... එය සිදු වන්නේ ජාත්‍යන්තර තත්ත්ව සහිතක අනුවයි. එය අපූරු කියමනකි. මෙතුවක් කල් වගකිවයුත්තන් මේ රටට පැමිණි කෘෂි රසායන ත්‍රස්‌තවාදීන්ගේ ජාතකය ජාන පරීක්‍ෂාවකින් ගොරව සොයාගෙන ඇත්තේ එලෙසිනි. අපේ වගකිව යුත්තෝ කොතරම් දක්‍ෂයෝද? පලිබෝධ නාශක රෙජිස්‌ටාර්ගේ එම ප්‍රකාශයෙන් පසුව මෙහිදී කළ අප්‍රසන්නම ප්‍රකාශය කරනු ලැබුවේ අමාත්‍යංශ ලේකම්වරයාය. "මේක මේ පාන් පිටි භාවිතය රටේ ඉහළ නංවන්න සංවිධානාත්මක පිරිසක් බහුජාතික සමාගමක කුමන්ත්‍රණයකට අනුව සල්ලිවලට කරපු දෙයක්... හේ කියන්නට විය.
මේ අතරේ තවත් සුවිශේෂීම දෙයක්‌ද එහිදී සිදු වූයේ පැමිණ සිටි මාධ්‍යවේදීන් බලා සිටියදීමය.
මේ සාකච්ඡාව සඳහා යම් පිළිතුරක් දීමේ අදහසින් ආසනික් මාරයා සොයාගත් විද්වත් කණ්‌ඩායමේ සමාජිකයකු වූ වෛද්‍ය චන්න ජයසුමන මහතා එදා එහි පැමිණි තිබිණි. එහෙත් ඔහු දුටු වහා ඇමැතිවරයා කළ දැනුම් දීමකට අනුව ඇමැති ආරක්‍ෂකයන් කළේ ඔහුව සැණෙකින් ඉන් පිටතට රැගෙන යැමය. කෙසේ හෝ අවසානයේ මේ සාකච්ඡාව අවසන් වූයේ සුපුරුදු ලෙසම හිටි හැටියේ සියල්ලට තිත තැබෙමින් සභාව තොමෝ සතුටින් විසිර ගියහයි ලෙසිනි. එහෙත් දැන් අපට ඇමැතිවරයාගෙන් අසන්නට ප්‍රශ්න කිහිපයක් ඉතිරිව තිබේ. එදා මේ ප්‍රශ්නත් ඇමැතිවරයාට ඉදිරිපත් කෙරුණද පැහැදිලි පිළිතුරක් නම් නොවිණි. නමුත් දැන්වත් ඇමතිවරයාට ඒ අරබයා පිළිතුරක් වේදැයි අපි බලමු.
ඇමැති තුමනි රටේ ජනතාව හමුවේ තිබෙන මේ මාරකය ඉදිරියේ ඒ ජනතාවගේ නියෝජිතයකු ලෙස මෙකී ත්‍රස්‌තවාදය මුලින්ම අනාවරණය කරගත් ඒ විද්වතුන්ද සහභාගි කරවාගෙන මේ පිළිබඳ විනිවිදභාවයෙන් යුතු පරයේෂණයක් කිරීමට ඔබට නොහැකිව ඇත්තේ ඇයි? එය සිදු නොවීම හමුවේ රටේ ජනතාව මේ දෙස බලා තවත් කොපමණ කලක් දොaලනය විය යුතුද? රජයේ ඇමැතිවරයකු ලෙස රාජ්‍ය තීරණයක් මත රේගුවේ ඇති දැනට ආසනික් විෂ සහිත බව කියෑවෙන කෘෂි රසායන බහාලුම් විනිවිධ පෙනෙන පරීක්‍ෂණයකට ලක් කිරිමට ඔබට නොහැකිව තිබේද? රජරට ජනතාව බිලි ගන්නා වකුගඩු මාරයාගේ ජන්මය මේ කෘෂි රසායන ත්‍රස්‌තවාදයේ ප්‍රතිඵලයක් බව අදාළ විද්වතුන් පැහැදිලිව කියද්දී ඒ ගොවි ජනතාවගේ ජීවිත වෙනුවෙන් හෝ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස එබට පිළිබඳ සොයා බැලීමේ වගකීමක් නොවන්නේද?
එසේම මේ විද්වතුන් පිරිස රටම වෙලාගත් සැඟවුණු ත්‍රස්‌තවාදයක තොරතුරු පැහැදිලිව හෙළි කර තිබියදී එය හාල් සේරුවක ඔබා ඔවුන් පාන් පිටි කුමන්ත්‍රණකරුවන් ලෙස හුවා දැක්‌වීමට තරම් ඔබ ඉදිරියට පැමැණියේ කාගේ වුවමනාවටද? ඇමැතිතුමනි මේවාට ඔබ පිළිතුරු දෙන්නේද? "ඕනෑම වෙලාවක අපි ලැහැස්‌තියි මේ සියලු පරීක්‍ෂණ රටේ ඕනෑම කෙනෙක් ඉදිරියේ කර පෙන්වන්න... අපේ රට තුළ තියෙන කෘෂි රසායනවල ආසනික් විතරක් නෙමේ මාරාන්තික රසදියත් තියෙනවා... එය ඇත්තක්...
ඒ වගේම රජරට ගොවි ජනතාව අතරේ පැතිර තිබෙන වකුගඩු රෝගයටත් එකම හේතුව මේ විෂ රසායන... ඒක අපිට සියයට අනූනවයක්‌ම සහතිකයි. "අපි සහල්වල මේවා තියෙනවා කිව්වේ රටේ ජනතාවට පාන් පිටි කවන්න නෙමේ... ඒ විනාශයෙන් ජනතාව බේරා ගැනීමේ විධිමත් ක්‍රමවේදයකට යන්න කියන එක බලධාරින්ට පෙන්වා දෙන්න... අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ රටේ ගොවියන් වෙනුවෙන් කළේ මොනවාද? ඔවුන් කළේ කටින් බතල හිටවපු එක විතරයි. කරුණාකරලා අපි කියනවා... කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වහාම අපේ ගොවීන් අතරට විකල්ප ක්‍රමවේදයක් ගෙන ආ යුතුයි...
රටේ ජනතාව වෙනුවෙන් අපි කණ්‌ඩායම මේ තිබ්බ පියවර ආපස්‌සට හරවන්න කිසිවෙකුටත් අප ඉඩතබන්නෙත් නැහැ...සියලු කතාබහ අතරේ පසුගිය දිනෙක අප කළ විමසිමකට අනුව ඒ ප්‍රකාශය අප වෙත කරනු ලැබුවේ මෙකී කෘෂි රසායන ත්‍රස්‌තවාදය රටට හෙළි කළ විද්වත් කණ්‌ඩායමේ නායකත්වය ගෙන සිටි මහාචාර්ය නලින් ද සිල්වා මහතාය. ඉදින් ඔවුන් කළ පරයේෂණ සිදුව ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලය කේන්ද්‍රීයව නම්, මේ ටික රටට කියන්නේ පිළිගත් විද්වතුන් පිරිසක් නම් එය අප එකවර බැහැර කරන්නේ කෙසේද? එසේ බැහැර කිරීමේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා දරුවන්ගේ උපාධියේ වටිනාකමට ඇතිවන බලපෑම කොපමණද? ඒ උපාධියද රජයට මේ අයුරින් ප්‍රතික්‍ෂෙප කිරීමට හැකිද ?
කෘෂිකර්ම ඇමැතිතුමනි, අනේකුත් වගකිවයුතු බලධරයනි, පැහැදිලිව පෙනෙනා මේ බහුජාතික කුමන්ත්‍රණ හමුවේ අප වෙන්ව නැසෙමුද? නැතහොත් ඊට එරෙහිව බුද්ධියෙන් යුතුව එක්‌ව සැනසෙමුද?
සමන් ගමගේ
‘ආසනික් නෑ’ – කෘෂිකර්ම ඇමති, ‘රටට වස කවන්න එපා’ – පර්යේෂකයෝ
වෙළද පොළේ ඇති සහල්වල ආසනික් අඩංගු නොමැති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ප‍්‍රකාශ කර තිබේ. සහල් වර්ග විස්සක් පරීක්‍ෂා කළ අතර එහි ආසනික් නොමැති බව හෙළි වී තිබෙන බවද ඔහු බවසා ඇත.
පළිබෝධ නාශකවල ආසනික් අඩංගු බවට සරසවි ආචාර්යවරුන් පිරිසක් හෙළි කිරීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත්වීම මත කාර්මික තාක්ෂණ ආයතනය මගින් පරීක්‍ෂණයක් සිදු කෙරිණි. එහි වාර්තාව පිළිබදවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ අතර පළිබෝධනාශ වර්ග 40කට අධික සංඛ්‍යාවක් පරීක්‍ෂා කල බවත් ඉන් දෙකක පමණක් ආසනික් තිබූ බවත් ඔහු පවසා තිබේ.
කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්‍ෂණය සිදුකළ විද්‍යාඥයන්ගේ කණ්ඩායම හෙළි කරන ලෙස මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියද ඒ පිළිබඳ තමන් නොදන්නා බව අමාත්‍යවරයා පවසා ඇති අතර මාධ්‍යවේදීන් දිගින් දිගටම ප‍්‍රශ්ණ කරද්දී අමාත්‍යවරයා නිරුත්තර වූ බවද සඳහන් වේ. අවසානයේ මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්ණ කිරීම්වලට නිසි පිළීතුරු නොදී අමාත්‍යවරයා මාධ්‍ය හමුව අවසන් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යවරයා ජනතාව මුලා කරන බවත් ඔහු රටටම වස කැවීමට අනුබල දෙන බවත් අමාත්‍යවරයා කල කළ ප‍්‍රකාශය පිළිබද පලිබෝධ නාශකවල ආසනික් අඩංගු බවට පරීක්‍ෂණ පැවැත්වූ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය චන්න ජයසුමන මහතා ප‍්‍රකාශ කරයි. පැවැත්වූවා යයි කියන පරීක්‍ෂණය තම පර්යේසණ කණ්ඩායම ඉදිරියේ ඕනෑම තැනක ඹ්නෑම වේලාවක පවත්වන ලෙසද ඔහු අභියෝග කරන බවද පවසයි.
කෙසේ වෙතත් රට තුල මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ආසනික් සිද්ධිය සම්බන්ධව මේ දක්වා කිසිදු ප‍්‍රකාශයක් නොකරන්නට වග බලාගත් එක් රූපවාහිනී නාලිකාවක් කෘෂිකමර්ම අමාත්‍යවරයාගේ මෙම අතිශය අවිශ්වාස කටයුතු ප‍්‍රකාශයට තම ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයේ අන් කවරදාටක් වඩා අසාමාන්‍ය ලෙස ඉඩ කඩ වෙන් කිරීම සැක කටයුතුය. (මෙම නාලිකවේ හිමිකරුවාගේ ප‍්‍රධාන ව්‍යාපාරික කටයුත්ත මෙරටට කෘෂි රසායන ගෙන්වීම බවද සනාථ වී තිබේ.)
සහල්වල ආසනික් නෑ -ජනතාව දැනුවත් කිරීමට කඩිනම් පියවර ගන්නැයි උපදෙස්
June 14, 2011 10:30 pm
සහල්වල ආසනික් අඩංගු බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මෙරට සහල් වල ආසනික් අඩංගු බවට පසුගිය දා මාධ්‍ය මගින් විවිධ ප්‍රචාරයන් සිදුවිය. එහෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ තාක්ෂණ පර්යේෂණ ආයතනය එක්ව සිදු කළ පර්යේෂණ වලින් මෙරට සහල්වල ආසනික් අඩංගු නොවන බවට තහවුරු වී තිබේ.
ඒ පිළිබඳව ඊයේ(13) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ආහාර සුරක්ෂිතතා කමිටුවේ දී අවධානය යොමුවිය. ඒ අනුව ඒ පිළිබදච කඩිනමින් ජනතාව දැනුවත් කර ජනතාව තුළ ඇති වී ඇති අනිසි බිය මඟහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
වකුගඩු රෝගය පවතින ප්‍රදේශවලින් සහල් සාම්පල 20 ක් ගෙන දිවයිනේ වෙනත් ප්‍රදේශවල සහල් සාම්පල 60 ක් සමග සංසන්දනය කරමින් පරීක්ෂාවට ලක්කළ බව සහල්වල ආසනික් අඩංගු නොවන බවට තහවුරු කර ගත් ආකාරය පිළිබඳව පැහැදිලි කරමින් වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය නිමල් දිසානායක මහතා පෙන්වාදුන්නේය. සහල්වල ආසනික් අඩංගු බවට පැතිර ගිය ප්‍රචාරය ගොවියා අපහසුතාවයට පත් කිරීමේ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් බව නිමල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මෙරට හාල්වල ආසනික් නෑ
June 14, 2011 at 10:00 pm
ලංකා කාර්මික තාක්ෂණ ආයතනය මඟින් සහල් නියැදි හැටක් සහ පලිබෝධ නාශක විසි අටක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නිකුත් කර ඇති වාර්තාවෙන් මේ බව තහවුරු වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. මේ පරීක්ෂණය සිදුකිරීම සඳහා ඉහළ තාක්ෂණයන් යටතේ නවීන විද්‍යාගාර පහසුකම් යොදා ගනිමින් විශේෂඥයන් පිරිසක් සහභාගී වූ බවද හෙතෙම කීවේය. මෙරට නිෂ්පාදනය කරනු ලබන කිසිදු සහල් වර්ගයක ආසනික් නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු නොමැති බවට පරීක්ෂණවලින් හෙළිව තිබේ. අනවශ්‍ය දේශපාලන සංදර්ශන ප්‍රචාරයන්ට යෑම හෝ කැපී පෙනීමට තමන්ට අවශ්‍ය නැතැයිද යාපා මහතා සඳහන් කළේය. කෘෂිකර්ම අමත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ ඊයේ(13)පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.
කෘෂිකර්ම ඇමැතිවරයා සේම තමන් මෙරට පුරවැසියකු බව පැවැසු ඒ මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ සෑම කරුණක් සම්බන්ධවම වගකීම බාර ගන්නා බවද සඳහන් කළේය.
අද්භූත බලවේග ගැන නොව විශ්වාස කළ යුත්තේ නවීන තාක්ෂණයන් යටතේ විද්‍යාගාරවල පරීක්ෂණයන්ගෙන් ලැබුණු නිගමන බවද ඒ මහතා කීවේය.මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් ඇමැතිවරයා කියා සිටියේ රේගුවේ කටයුතුවලට තම අමාත්‍යාංශයට ඇඟිලි ගැසීමට නොහැකි බවත්,එම ආයතනයෙන් ඉල්ලීමක් කළහොත් පරීක්ෂා කිරීම් කළ හැකි බවයි.
ආසනික් තිබෙන බවට පවසන කණ්ඩායම සමඟ වුවද මේ සම්බන්ධව යළිත් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළ හැකි බවද කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය. මේ සම්බන්ධව සිය අමාත්‍යාංශය කිසිදු මොහොතක නිහඬව නොසිටි බවත්,ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමෙන් අනතුරුව කතා කිරීම තමන්ගේ ක්‍රමය බවද කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඊ කරුණාතිලක,කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් කමල් මාන්කොට්ටෙ,පලිබෝධ නාශක රේජිස්ටාර් ආචාර්ය අනුර ෂ;ජ්සේකර,ආචාර්ය නිමල් දිසානායක,ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්ම මහත්මිහු ඇතුළු නිලධාරිහු රැසක් සහභාගී වී සිටියහ.
ආසනික් වාර්තාව ගැන තවම විසඳුමක් නෑ
2011 ජූනි 08 වෙනි බදාදා, 08:07 SRI LANKA MIRROR EDITOR
බහුජාතික සමාගම් කිහිපයක් විසින් මෙරටට ගෙන්වා ඇති මාරාන්තික විස සහිත ආසනික් හා රසදිය අඩංගු කෘෂි රසායන තොගය පිළිබඳ පරීක්‌ෂා කළ පිරිස් එකී වාර්තා නිසි පරදි යොමු කර නොමැති බැවින් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකිව ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ අදාළ වාර්තා ලැබීමෙන් පසු මෙරට කෘෂි රසායන භාවිතය පිළිබඳ යථාර්ථවාදී ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඇමැතිවරයා අවධාරණය කරයි.
ඇතැම් කෘෂි රසායනිකවල ආසනික් අඩංගු බව ඒවා ආනයන කරන සමාගම්වල නියෝජිතයන් ඉදිරිපිටද තහවුරු කර ඇති පසුබිමක ඇතැම් රජයේ වගකිවයුතු දේශපාලකයෝ විසින් තවදුරටත් කෘමිනාශක සහ වල්නාශකවල ආසනික් පවතින බව ඔප්පුකරන ලෙස පැවසීම විහිළුවක් බව සඳහන් කරමින් රජරට හා කැලණිය විශ්වවිද්‍යාලයීය ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායම විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය සම්න්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පවසා ඇත.මෙරටට ආනයනය කෙරෙන ඇතැම් කෘෂි රසායනිකවල ආසනික් අඩංගු බව ඉදිරියේදීත් ඕනෑම ස්ථානයකදී ඔප්පු කිරීමට සූදානම් බවත් ලංකාවට ගෙන්වන කෘමිනාශක සහා වල්නාශකවල ආසනික් අඩංගු බව ශ්‍රී ලංකා රේඟුවේ අවංක නිලධාරීන් කිහිපදෙනෙකුට පිං සිදුවන්නට අප මෙතෙක් පැවසූ දෙය රටටම ඔප්පු වී අවසන් බවත්, අවශ්‍යය නම් ඉදිරියේ දී මෙම කෘමිනාශක සහා වල්නාශක ගෙන්වන නැව්ද, ඔප්පුකළ හැකි බවත්, රජරට හා කැලණිය විශ්වවිද්‍යාලයීය ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායම පවසා සිටියි.
මීට අදාළ පර්යේෂණ පැවැත්වූයේද ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවත් පර්යේෂණවල වාර්තා ජනාධිපතිවරයාටද භාර දී ඇති බවත් පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
රජරට පැතිරෙන වකුගඩු රෝගය මාතලේටත්!
June 10, 2011 05:30 pm
රජරට ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගය මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා විල්ගමුව ප්‍රදේශවලට පැතිර යමින් පවතින බවට වෛද්‍යවරු අනතුරු අඟවයි.
අදාළ ප්‍රදේශවලින් වකුගඩු රෝගයට ගොදුරු වූ පුද්ගලයින් 50 දෙනෙකු පමණ හඳුනාගැනීමට හැකිවූ බව මීගමුව පර්යන්ත රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සමන් රත්නායක මහතා කියා සිටියේය.
මේ වන විට විල්ගමුව පර්යන්ත රෝහලෙන් පමණක් වකුගඩු රෝගීන් 500 දෙනෙකු පමණ සායනික ප්‍රතිකාර ලබාගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දැවි තෙල් මුදාහැරීම ගැන අංශ කිහිපයකින් පරීක්ෂණ ඇරඹෙයි
June 10, 2011 05:27 pm
කාසල් රී ජලාශයට දැවි තෙල් මුදාහැරීම සම්බන්ධයෙන් අංශ කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරිය, විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඒකාබද්ධව අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධියට සම්බන්ධ අදාළ වාර්තා ලැබීමෙන් පසු මෙරට කෘෂි රසායන භාවිතය පිළිබඳ යථාර්ථවාදී ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඇමැතිවරයා අවධාරණය කරයි.
ඇතැම් කෘෂි රසායනිකවල ආසනික් අඩංගු බව ඒවා ආනයන කරන සමාගම්වල නියෝජිතයන් ඉදිරිපිටද තහවුරු කර ඇති පසුබිමක ඇතැම් රජයේ වගකිවයුතු දේශපාලකයෝ විසින් තවදුරටත් කෘමිනාශක සහ වල්නාශකවල ආසනික් පවතින බව ඔප්පුකරන ලෙස පැවසීම විහිළුවක් බව සඳහන් කරමින් රජරට හා කැලණිය විශ්වවිද්‍යාලයීය ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායම විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය සම්න්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පවසා ඇත.
මෙරටට ආනයනය කෙරෙන ඇතැම් කෘෂි රසායනිකවල ආසනික් අඩංගු බව ඉදිරියේදීත් ඕනෑම ස්ථානයකදී ඔප්පු කිරීමට සූදානම් බවත් ලංකාවට ගෙන්වන කෘමිනාශක සහා වල්නාශකවල ආසනික් අඩංගු බව ශ්‍රී ලංකා රේඟුවේ අවංක නිලධාරීන් කිහිපදෙනෙකුට පිං සිදුවන්නට අප මෙතෙක් පැවසූ දෙය රටටම ඔප්පු වී අවසන් බවත්, අවශ්‍යය නම් ඉදිරියේ දී මෙම කෘමිනාශක සහා වල්නාශක ගෙන්වන නැව්ද, ඔප්පුකළ හැකි බවත්, රජරට හා කැලණිය විශ්වවිද්‍යාලයීය ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායම පවසා සිටියි.
මීට අදාළ පර්යේෂණ පැවැත්වූයේද ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවත් පර්යේෂණවල වාර්තා ජනාධිපතිවරයාටද භාර දී ඇති බවත් පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
අදාළ ප්‍රදේශවලින් වකුගඩු රෝගයට ගොදුරු වූ පුද්ගලයින් 50 දෙනෙකු පමණ හඳුනාගැනීමට හැකිවූ බව මීගමුව පර්යන්ත රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සමන් රත්නායක මහතා කියා සිටියේය.
මේ වන විට විල්ගමුව පර්යන්ත රෝහලෙන් පමණක් වකුගඩු රෝගීන් 500 දෙනෙකු පමණ සායනික ප්‍රතිකාර ලබාගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දැවි තෙල් මිශ්‍ර වීම නිසා මසුන් බෝවීමට තර්ජනයක්
June 10, 2011 11:31 am
කාසල් රී ජලාශයට දැවි තෙල් මිශ්‍ර වීම හේතුවෙන් එම ජලාශයේ මත්ස්‍ය බිජු දහස් ගණනක් විනාශ වී ඇති බවට අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් ඉදිරි වසර දෙකක පමණ කාලයක් තුළ ජලාශයේ මත්ස්‍යයන් බෝවීම වළකිනු ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ජලජීවි වගා ව්‍යාපෘති නිලධාරී චන්දන ජයකුමාර් මහතා ප්‍රකාශ කළේය.
කාසල් රී ජලාශයට ජලය සැපයෙන දික් ඔයට අසල පිහිටි කර්මාන්ත ශාලාවකින් දැවි තෙල් ලීටර් 3000 ක් පමණ පසුගියදා මුදා හැර තිබුණි.
මේ වන විට ජලශයේ අක්කර දෙකක පමණ වපසරියක තෙල් තට්ටුව පැතිර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. මේ හේතුවෙන් ජලාශයේ ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් වලට ද දැඩි දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුව තිබේ.
කිසියම් පිරිසක් විසින් දැවි තෙල් අඩංගු ටැංකියේ කරාමය හැර තැබීම හේතුවෙන් තෙල් කාන්දුව සිදුවන්නට ඇති බව මේ පිළිබඳ කළ විමසීමක දී අදාළ තේ කර්මාන්තශාලාව අයත් වතු අධිකාරීවරයා ප්‍රකාශ කළේය.
කෘෂිරසායනවල ආසනික් දඩයමට ශ්‍රී ලංකා රේගුව ප්‍රවිෂ්ට වෙයි
කෘෂිරසායන අඩංගු කන්ටේනර් 7 ක් රඳවා ගනියි
අනුරාධපුර ප්‍රදේශයේ සුලබ ලෙස භාවිත වුණු කෘෂි රසායනවල උග්‍ර විෂක් වන ආසනික් අන්තර්ගත වන බව දේශයට හිතැති පර්යේෂකයන් පිරිසක් විසින් අනාවරණය කරනු ලැබුවේ මෑතක දී ය. ආසනික්, සහල් තුළ පහසුවෙන් ඉවත් කළ නොහැකි ආකාරයට රැඳී පවතින බවත්, එබැවින් සහල් ප්‍රධාන ආහාරය කරගත් මෙරට බහුතර ජනතාව බරපතළ සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පෑමේ අවදානමක් මතු ව ඇති බවත් මේ පිළිබඳව විශේෂ ලිපියක් 2011 අප්‍රියෙල් 27 වැනි දින පළ වූ විදුසර පුවත්පතට සපයමින් පර්යේෂණ කණ්‌ඩායමේ සමාජිකයෙක් රටට ඉඟි කර සිටියේ ය. අනතුරුව මේ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ ගණනාවක අවධානය යොමු වූ නමුත් ඒ සම්බන්ධයෙන් සිදු විය යුතු පරීක්‌ෂණ කටයුතු මන්දගාමී ස්‌වරූපයක් ගත් බවක් පෙනෙන්නට තිබිණි.
ඉකුත් සෙනසුරාදා (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී අදහස් දැක්‌වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‌ෂ (ජෛවවිවිධත්ව) සමන්ත ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ පරීක්‌ෂණ කටයුතු කාර්යක්‌ෂ්ම මඟකට යොමු කරමින්, ශ්‍රී ලංකා රේගුව, මෙරටට ගෙන්වා ඇති කෘෂි රසායන සාම්පල විශේෂ පරීක්‌ෂණයට බඳුන් කරමින් සිටින බව ය. මේ යටතේ රේගුව විසින් සිදු කරනු ලැබ ඇති මූලික පරීක්‌ෂණවලින් කෘෂි රසායන සාම්පලවල ආසනික් අන්තර්ගත බවට සාධක ලැබී ඇති බව ද එහි දී අනාවරණය විය. ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජී. එච්. ඒ. ලංකාදේව මහතා ද මේ පරීක්‌ෂණ කටයුතුවලට උර දී සිටියි.
ඉකුත් සතියේ රේගුව විසින් එක ම මොහොතේ කණ්‌ඩායම් කිහිපයක් යොදවා සමාගම් කිහිපයක ගබඩාවලින් සාම්පල ලබා ගත් බවත් ඉකුත් සෙනසුරාදා අදාළ සමාගම්වල නිලධාරීන් ඉදිරියේ දී ම විද්‍යාගාර පරීක්‌ෂණ පවත්වා අදාළ කෘෂි රසායන සාම්පලවල ආසනික් ඇති බව ඔප්පු කර පෙන්වන ලද බවත් සමන්ත ගුණසේකර මහතා විදුසර හා පැවසී ය. මෙරටට ආනයනය කර ඇති කෘෂි රසායන අඩංගු කන්ටේනර 7ක් රේගුවෙන් නිදහස් කිරීම ද මේ වන විට අත්හිටුවා ඇත. වැඩිදුර පරීක්‌ෂණ කටයුතු මේ වන විට ද සිදු වෙමින් පවතී. මේ අතර මේ පරීක්‌ෂණ කටයුතු යට ගැසීම සඳහා විවිධ පාර්ශ්ව වෙතින් අදාළ කණ්‌ඩායම්වලට තර්ජන හා බලපෑම් එල්ල වී ඇති බව විදුසරට දැන ගැනීමට ලැබී ඇත. ඉකුත් දා පැවැති මාධ්‍ය හමුව වළක්‌වාලීමට ද උත්සාහයක් තිබී ඇතත් රටේ ඉහළ ම ප්‍රබලයකු ගේ මැදිහත් වීමෙන් එම උත්සාහය ව්‍යර්ථ වී ඇත.
Ground water contaminated in Sri Lanka, a recent report says
Mon, Jun 6, 2011, 09:00 am SL Time, ColomboPage News Desk, Sri Lanka.
June 06, Colombo: Ground water in Sri Lanka except the water resources in the Central Province is polluted, says a recent research report of the National Water Supply and Drainage Board.
The Board says the report is based on the results of tests conducted on water samples taken from a number of locations island wide.
The reports says the contamination is from bacteria that absorbed into ground water resources due to agricultural activities.
The National Water Supply and Drainage Board says that the situation may cause serious problems and needed to be remedied immediately.
The sources say that a programme is underway under the Bund Conservation and Water Resources Planning project of the Ministry of Irrigation to rectify the problem.